සිය දිවි නසාගන්නා ආකාරය ෆේස්බුක් මගින් පෙන්නූ තරුණයා ගැන පරීක්ෂණ

තරුණයෙක් විසින් සියදිවි හානිකරගන්නා අයුරු දැක්වෙන ෆේස්බුක් සජීවී වීඩියෝව සම්බන්ධව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත .

තමා ගෙලවැලලාගෙන මිය යන ආකාරය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවී වීඩියෝවක් මගින් විකාශය කළ එම තරුණයාගේ දේහය මේ වනවිට ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව කරන්දෙණිය පොලිසිය පවසයි . මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කරන්දෙණිය, තල්ගවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි තරුණයෙකු වශයෙන් හඳුනාගෙන ඇත . .

119 හදිසි ඇමතුම් අංකය වෙත ලැබුණු පැමිණිල්ලක් මත කරන්දෙණිය පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බවත් මෙම තරුණයා මෙලෙස සියදිවි හානිකර ගැනීම හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිස් මාධ්‍ය අංශය පවසයි .