ලෝකය පාලනය කළ ශ්‍රේෂ්ඨ නායකයින් පවා සිරබත් කා ඇති බැවින් බන්ධනාගාරගත වීමට හෝ ජම්පරය ඇඳීමට තමා බිය නොවනා බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පස්සර ආසන බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි . සැබෑ මෙන්ම සාර්ථක නායකයෙකු බිහිවන්නේ ‘හිරගෙදර බත් කෑමෙන්’ පසුව බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය .
එහිදී වැඩිදුරටත් අදහස් දක්ව්මින් මන්ත්‍රිවරයා කියා සිටියේ,
“මට කියනවනේ ඊළඟට ජම්පරේ අන්දන්නේ උඹට කියලා . මම කියන්නේ අන්දපල්ලා. මට කිසි ප්‍රශ්නයක් නෑ. මට වඩා හිර ගෙවල්වල හිටපු මිනිස්සු මේ ලෝකේ පාලනය කළා. නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 28 ක් හිරේ හිටියා. මේ ලෝකේ හිටපු හැම නායකයෙක්ම හිරගෙවල්වල බත් කෑවා. සර්ථක මිනිහෙක් කියන්නේ මිනිහෙක් හිරගෙදර බත් කාලා ආවාට පස්සේ .”