උඩරට දුම්රිය මාර්ගයේ කඩුගන්නාව සහ රඹුක්කන අතර දුම්රිය මාර්ගයේ නාය ගිය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරිම සදහා දුම්රිය එන්ජිමක්, තිරිංග මැදිරියක් සහ බෝගි කිහිපයක් මහනුවර දුම්රිය ස්ථානයේ සිට විශේෂ ලොරි රථයකින් පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කිරිමේ කටයුතු (03) දින රාත්‍රියේ සිට සිදු කිරීමට නියමිතය .
මේ පිළිබඳව අදහස් දක්වමින් දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු – නානුඔය දනුෂ්ක දිසානායක පැවසූවේ එම දුම්රිය මැදිරිය සහ බෝගි කිහිපයක් (03) දින රාත්‍රියේ පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කරන බවත්, ටොන් 70 ක් පමණ බරති දුම්රිය එන්ජිමක් සඳුදා දින රාත්‍රියේ ප්‍රවාහනය කිරිම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවත් ය .
මෙම දුම්රිය එන්ජිම සහ සහ මැදිරි ලැබිමත් සමග කඩුගන්නාව සහ රඹුක්කන අතර මාර්ග කොඨ්ටාසයේ අලුත් වැඩියාවන් කඩිනම් කරනු ඇතිබවයි . එම දුම්රිය එන්ජිම සහ දුම්රිය මැදිරි පේරාදෙණියේ සිට කඩුගන්නාව දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සදහා භාණ්ඩ ප්‍රවාහනය කිරිමට යොදා ගන්නා බවද දනුෂ්ක දිසානායක මහතා පැවසිය