වනාතවිල්ලුව පොලිස් වසමේ බණ්ඩාරනායකපුර ප්රදේශයේ මංගලපුර විල්ලුවේ තෙප්පමක් පෙරළීමෙන් එහි ගමන් ගත් ළමුන් හතර දෙනෙක් දියේ ගිළී මියගොස් ඇති බව වනාතවිල්ලුව පොලිසිය පවසයි .
ළමුන් පස් දෙනෙක් තෙප්පමක නැගී මල්කැඩීම සඳහා ජලාශයට ගොස් ඇත . එහිදී තෙප්පම පෙරලීමෙන් ළමුන් පස් දෙනාම වතුරට වැටී ඇතට් ඉන් එක දරුවෙක් පිහිනා ගොඩට පැමිණ දිවි බේරාගෙන ඇත .
අනෙක් ළමුන් සිව්දෙනා දියේ ගිලී මියගොස් ඇති අතර එම දරුවන්ගේ මෘත ශරීර පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මියගිය ළමුන් අවුරුදු 15 – 16 අතර වයසේ පසුවූ බණ්ඩාරනායකපුර හා මංගලපුර ප්රදේශ වල පදිංචිකරුවෝ වෙති . වැඩිදුර පරීක්ෂණ වනාතවිල්ලුව පොලිසිය සිදුකරයි .