තෙප්පමක නැගී මල් කඩන්නට ගිය දරුවන් හතර දෙනෙක් දියේ ගිළී මරුට

වනාතවිල්ලුව පොලිස් වසමේ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ මංගලපුර විල්ලුවේ තෙප්පමක් පෙරළීමෙන් එහි ගමන් ගත් ළමුන් හතර දෙනෙක් දියේ ගිළී මියගොස් ඇති බව වනාතවිල්ලුව පොලිසිය පවසයි .

ළමුන් පස් දෙනෙක් තෙප්පමක නැගී මල්කැඩීම සඳහා ජලාශයට ගොස් ඇත . එහිදී තෙප්පම පෙරලීමෙන් ළමුන් පස් දෙනාම වතුරට වැටී ඇතට් ඉන් එක දරුවෙක් පිහිනා ගොඩට පැමිණ දිවි බේරාගෙන ඇත .

අනෙක් ළමුන් සිව්දෙනා දියේ ගිලී මියගොස් ඇති අතර එම දරුවන්ගේ මෘත ශරීර පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මියගිය ළමුන් අවුරුදු 15 – 16 අතර වයසේ පසුවූ බණ්ඩාරනායකපුර හා මංගලපුර ප්‍රදේශ වල පදිංචිකරුවෝ වෙති . වැඩිදුර පරීක්ෂණ වනාතවිල්ලුව පොලිසිය සිදුකරයි .