වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත්කෙරේ .

යල කන්නයේ වී තොග රජය මිලදී ගනු ලබන සහතික මිල ගණන් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් අද ප්‍රකාශයට පත් කළේය.

එම මිල ගණන් අනුව නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක්ද , සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 130ක්ද මිල නියමව ඇත . කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 140ක මිලක් නියම කර ඇතිබව අමාත්‍යවරයා සඳහන් කළේය.