දෙවරක් ලෝක ශූරතාවය දිනූ ඉන්දියාව අයර්ලන්තය ඉදිරියේ අන්ත පරාජයක් ලබයි

ඉන්දීය කණ්ඩායමේ 20 – 20 තරග 17 අඛණ්ඩ ජයග්‍රහණ වාර්තාව නිමාකරන්නට අයර්ලන්තය සමත් විය . දෙපිල අතර පැවති තරග දෙකකින් යුතු 20 – 20 තරගාවලිය 2 – 0 ලෙස ජයගැනීමට අයර්ලන්තය ජය ගැනීමට සමත් වූ අතර ඊයේ බෙල්ෆාස්ට් හී ස්ටෝර්මන්ට් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති දෙවන 20 – 20 තරගයද එක ලකුණකින් ජය ගැනිමට අයර්ලන්තය සමත් වීමත් සමග තරගාවලිය සමකර අවමන් සහගත පරාජයකින් වැලකීමේ ඉන්දීය උත්සහයද අසාර්ථක විය .

දෙපිල අතර ඉකුත් 26 වනදා බෙල්ෆාස්ට් හී පැවති පළමු එක්දින තරගයේදි මුලින් පන්දුවට පහර දුන් අයර්ලන්ත පිල සිය ඕවර 20 තුළ කඩුළු 9 ක් දැවී ලකුණු 182 ක් ලබාගැනීමට සමත් විය. ලොකර් ටකර් ලකුණු 50 . හර්ෂිට් රානා ලකුණු 24 ට කඩුළු 3 .

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ අයර්ලන්ත පිල ඕවර 18.5 ක් තුළ ලකුණු 148 කට දැවී යන ලදි .
අභිෂේක් ෂර්මා 50 . මැතිව් හේයිඩන් ලකුණු 28 ට කඩුළු 3 .

ඊයේ බෙල්ෆාස්ට් හි පැවති දෙවන 20 -20 එක්දින තරගයේදි තියුණු එක ලකුණක ජයක් ලබාගැනීමට අයර්ලන්ත පිල සමත් විය . ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත පිල සිය ඕවර 20 තුළ කඩුළු 8 දැවී ලකුණු 154 ක් ලබාගන්න ලදි . හැරී ටෙක්ටර් ලකුණු 53 . ප්‍රින්ස් යාදෙව් ලකුණු 22 ට කඩුළු 3 .

ලකුණු 155 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිලට ඕවර 20 ක් තුළදී ලබාගත හැකි වූයේ කඩුළු 9 දැවී ලකුණු 153 ක් පමණි . තිලක් වර්මා ලකුණු 55 . ජාය් මන්ඩරා ලකුණු 32 ක කඩුළු 3 .

ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය ඇමතූ අයර්ලන්ත නායක ලෝකාන් ටකර් මාධ්‍ය හමුවේ පැවසූවේ
අඛණ්ඩව දෙවරක් ලෝක ශූරයන් වූ කණ්ඩායමක් පරාජය කිරීම කණ්ඩායමක් ලෙස විශාල ජයග්‍රහණයක් බවයි .