ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී කොදෙව්වෝ වාර්තාගත ඉනිමක් ක්‍රීඩාකරති.

ඇන්ටිගුවාහී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගයේදී වැඩි දස්ස්කම් පෙන්වීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත් වෙති .

දෙපිල අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී බටහිර ඉන්දීය ක්‍රීඩකයන් වන අමීර් ජන්ගු සහ රොස්ටන් චේස් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 401ක සබඳතාවක් පැවැත්වීමට සමත් වුහ . ඒ සමගම ටෙස්ට් තරගයකදී 6 වන කඩුල්ල සඳහා ලකුණු 399 ලබාගනිමින් එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් සහ ජොනි බෙයාර්ස්ටෝ තබා තිබූ වාර්තාව බිඳ වැටුන අතර අමීර් ජන්ගු සහ රොස්ටන් චේස් නව ලෝක වාර්තාවක් පිහිටවීමට සමත් විය .

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල මුලින්ම පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට අරයුම් කරනා ලදි . ඒ අනුව පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා පිල ලකුණු 308 කට දැවී ගිය අතර නායක ධනංජය සිල්වා ලකුණු 120 ක්ද, සොනාල් දිනූෂ ලකුණු 43 ක් ලබාගන්න ලදි . පන්දු යවීමේදී බටහිර ඉන්දීය පිලේ ජස්ටින් ග්‍රේවිස් ලකුණු 39 ට කඩුළු 2 බිඳ දමනා ලදි .

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුළු 9 ක් දැවී ලකුණු 626 ක් ලබා ඉනිම අත්හිටවන ලදි . මෙහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් රොස්ටන් චේස් ලකුණු 194 ක් ලබගත් අතර අමීර් ජන්ගු ලකුණු 233 ක් ලබාගන්න ලදි . ශ්‍රී ලංකා පිලේ මිලාන් රත්නායක ලකුණු 124 කට කඩුළු 5 ක් ලබාගන්න ලදි .

ශ්‍රී ලංකා පිල සිය දෙවන ඉනිම සඳහා එක කඩුල්ලක් දැවී ලකුණු 15 .