රාජ්‍ය සේවකයන්ට පහසු ගෙවිමේ ක්‍රමයට සහල් .

රාජ්‍ය සේවකයන් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි .

මේ පිළිබඳව අදහහ්ස් දක්වමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසූවේ කැකුළු සහ නාඩු සහල් මෙලෙස ලබාදීමට සැලසුම් කර ඇති බවය.

“ඔන්න අපි රාජ්‍ය සේවකයන්ට හාල් කිලෝ 20 ක් දෙන්නයි අපි හදන්නේ . යෝජනාවක් තියෙනවා..කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්..රාජ්‍ය සේවකයන්ට ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙන්න.. කිලෝ 10 පැකට් දෙකකින් මේ කිලෝ 20 ලබාදෙන්න යන්නේ ගෙවීමේ ක්‍රමයට. වවුචර් එකක් දෙනවා. සතොසෙන් සමූපකාරයෙන් ගන්න පුළුවන් විදියට . ආණ්ඩුව ගන්න වී ටික කොටලා දාන්න සැලැස්මක් ඕනනේ . මේකෙන් ඒක කරන්න පුළුවන් .”