ඇමරිකා – ඉරාන සාකච්චා බිඳ වැටේ .

අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අත් හිටවා ඇතැයි බී.බී.සී වාර්තා කරයි . සාකච්චා බිඳ වැටීමට හේතුව අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී.වෑන්ස් සාකච්චාවෙන් ඉවත්වීම බව පැවසෙයි .

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානය වෙත එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ සිට මැදපෙරදිග කළාපයේ ඇතිව තිබෙනා යුදමය තත්ත්වය අවසන් කිරීම සහ ටෙහෙරානය සහ වොෂිංටනය අතර ඉස්ලාමාබාද් එකඟතාවය නමින් ගිවිසුමක් අත්සන තබන ලදි . එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන මූලික වටයේ සාකච්ඡා අද අරම්භ කිරීමට නියමිතව තිබු අතර ඇමරිකානු උප ජනාධිපතිවරයාගේ නොපැමිණීම නිසා එම සාකච්චා බිඳ වැටුන බව ස්විස් විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි .

අමෙරිකානු උප ජනාධිපතිවරයා අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව ධවල මන්දිරයේ ප්‍රකාශයෙක්ද විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

මේ අතර, ඉරාන වරායන් වෙත නැව් ගමනාගමනය වළක්වමින් පනවා තිබූ නාවික අවහිරතාව (Naval blockade) ඉවත් කිරීමට ඇමරිකානු බලකායන් බ්‍රහස්පතින්දා පියවර ගත් බව ඇමරිකානු හමුදාව නිවේදනය කරයි .

ගැටුම් පවතින සමයේ ඉරානය විසින් අවහිර කරන ලද, වැදගත් පටු මුහුදු මාර්ගයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) ආශ්‍රිතව තවමත් දක්නට ලැබෙන්නේ මන්දගාමී සක්‍රීයතාවයක් බවද විදේස් මාධ්‍ය වාර්තා කරයි .