ලංකා ලුණු සමාගමේ සාමාන්‍යධිකාරී ඇප මත මුදාහරී .

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යධිකාරි R.M ගුණරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (19) නියෝග කළේය .

සැකකරු රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසද නියෝග කළේය .

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ප්‍රති ඇණවුමක් හරහා හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබාගෙන රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට ආසන්න මුදලක් පාඩු සිදුකිරීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත .