සුරේෂ් සලේ පිළිබඳව අස්ගිරි නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක් .

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සම්බන්ධව අස්ගිරි විහාරයේ මහානායක ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපිය මගින් උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ සුරේෂ් සලේගේ බිරිඳ අස්ගිරි විහාරයට පැමිණ ඔහු වෙනුවෙන් ආයාචනයක් සිදුකළ බවය.

එහිදී තම ස්වාමියා හට සහනයක් ලබා දීමට සහාය වන ලෙස ඇය විසින් ඉල්ලීමක් කළ බවත් එම ආයාචනය ජනපතිවරයා වෙත යොමු කර සුදුසු පියවරක් ගන්නා ලෙසත් සලේගේ බිරිඳ ඉල්ලා සිටි බව අස්ගිරි මහ නාහිමි ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.