ශෂී වීරවංශට අවුරුදු 2 ක සිර දඬුවමක් . අභියාචනය ප්‍රතික්ෂේප කරයි .

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වී වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය කොළඹ මහාධිකරණය විසින් අද (11) ප්‍රතික්ෂේප කරනා ලදි . ඒ අනුව ඇයට මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ දෑ අවුරුදු සිර දඬුවම මහාධිකරණය විසින් ස්ථිර කර ඇත .

සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කළේ, විත්තිකාරියට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර ලබා දී තිබූ තීන්දුවේ නීතිමය දෝශයක් හෝ අසාධාරණයක් නොමැති බවය . ඒ අනුව ශෂී වීරවංශ විසින් ගොනුකර තිබෙන අභියාචනය සම්පූර්ණයෙන්ම නිශ්ප්‍රභා කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය .

මෙම අභියාචනයට අදාල නඩු තීන්දුව 2022 වසරේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාදුන් අතර එහිදී අදාළ චෝදනාවට ශෂී වීරවංශ වරදකාරිය කරමින් වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක (100,000) දඩයක් නියම කර තිබුණි. එම සිරදඬුවමින් සහ දඩයෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලමින් ඇය විසින් කොළඹ මහාධිකරණය වෙත මෙම අභියාචනයක් ඉදිරිපත් කරන්නා ලදි .

එකී අභියාචනය දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ මහාධිකරණය, මහෙස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව නිවැරදි බව පවසමින් ඇයගේ අභියාචනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට අද දින පියවර ගත්තේය.