සරණ ගුණවර්ධනගේ වසර 72 ක සිර දඬුවම ගෙවෙන හැටි මෙන්න .

සරණ ගුණවර්ධනගේ නඩු තීන්දුව ගැන වාර්තා කළ සියලු මාධ්‍යවේදීන්ට අධිකරණයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත .

ඒ පැහැදිළි කිරීමට අනුව ඔහුගේ දූෂණ නඩු 4 ට අදාළව වසර 72 ක සිරදඩුවම් කාලයක් නියම වුවද එය වසර 16 කින් එකවිට ගෙවී යාමට නියමිතය . එමෙන්ම රුපියල් ලක්ෂ 18ක දඩයක්ද අධිකරණය විසින් ඔහුට නියම කර ඇත .

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් කුළී පදනම මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට එරෙහිව නඩු හතරක් ගොනුකරන ලදි . එම නඩුකර හතරේ තීන්දුවට අනුව ඔහුට මෙම දඬුවම නියමව ඇත .