ගෑස් මිල ගැන ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක් .

එළඹෙන ජුනි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ සමාගම පවසයි .

ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ, පාරිභෝගික ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා සලකා බලා ඔවුන් වෙත සහනයක් සැලසීමේ අරමුණින් මෙම තීරණයට එළඹුණු බවයි.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර අලෙවි වන වත්මන් මිල ගණන් පහත දක්වේ.

කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය: රුපියල් 4,765.00

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය: රුපියල් 1,910.00

කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය: රුපියල් 890.00