ගායන ශිල්පී චාමර රණවකට රුපියල් 20,000 ක දඩයක් .

ආරක්ෂිත හිස්වැසුම් පැළඳීමෙන් තොරව තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමගි යතුරු පැදියක ගමන් ගත් ප්‍රකට ගායන ශිල්පී චාමර රණවකට රුපියල් 20,000 ක දඩ මුදලක් ගෙවන ලෙස පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.

අනාරක්ෂිතව යතුරුපැදියක ගමන් කිරීමේ චෝදනාව මත පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඔහු අද මෙලෙස අධිකරණය හමුවට පමුණවන ලදුව වරද පිළිගැනීමෙන් අනතුරුව දඩ මුදලකට යටත් කෙරුනි .

චාමර රණවක ඇතුළු තිදෙනෙකු නීති විරෝධී ලෙස ආරක්ෂිත හිස්වැසුම් රහිතව යතුරුපැදියකින් ගමන් ගන්නා ආකාරය දැක්වෙන දර්ශන ඇතුළත් වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල දැඩි ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබිණි. එම වීඩියෝව අනුව ක්‍රියාත්මක වූ පානදුර උතුර පොලිසිය ඔහු අත්ඩංගුවට ගන්න ලදි .