76 වසරක ඉතිහාසයට වඩා දැවැන්ත සංවර්ධනයක් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කරනු ඇති බවට ජනතාව විශ්වාස කළද අද වන විට එම තත්ත්වය වෙනස් වී ඇතිබව බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු පැවසීය .
මෙරටට වැඩිම සංවර්ධන කටයුතු ප්රමාණයක් හඳුන්වාදුන් නායකයා මහින්ද රාජපක්ෂ අජනාධිපටහි වරයා බවත්, 2015 වසරේදී ඔහු පරාජයට පත් කිරීමට කටයුතු නොකළේ නම්, රට අද පවතින තත්ත්වයට වඩා බෙහෙවින් ඉදිරියට ගොස් තිබෙන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය .
එදා රට සංවර්ධනය කරන්නට සහ මහින්ද රාජපක්ෂ විසින් ආරම්භ කළ ගමන ඉදිරියට ගෙනයා හැකි එකම නායකයා වන්නේ නාමල් රාජපක්ෂ බවත්, අද වන විට ගම් මට්ටමින් පමණක් නොව, බන්ධනාගාර තුළ පවා කතා වන්නේ ඊළඟ ජනාධිපතිවරයා විය යුත්තේ නාමල් රාජපක්ෂ බව යයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය .
ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය .