පාසල් සිසුන් අතර සීඝ්රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් වසා දැමුණු දෙනියාය අධ්‍යාපන කළාපයට අයත් පාසල් හතරක් තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇතිබව වාර්තා වෙයි .
ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස හෙට (11) සහ අනිද්දා (12) දිනයේ ද වසා තැබීමට තීරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් එන්.කේ.අර්.පතිරණ පැවසීය .
සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි දෙනියාය කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ සඳහන් කළාය .