අම්පිටියේ සුමණරතන හිමියෝ නිකාය අතහරිති

පවතින රජයට රටේ පාලනය ඉදිරියට ගෙන යාමට නොහැකි බව මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියෝ පවසති .

ඉතිහාස පුරා පැවති ආණ්ඩු කළ දේ බොරු බව පවසමින් වත්මන් ආණ්ඩුව බලය ලබා ගත්තද, අද වන විට මහ බැංකු භාණ්ඩාගාර වංචාව, ගල්අඟුරු ගැටලුව වැනි දේවල් නිසා ආර්ථිකය කඩා වැටී ඇති බව උන්වහන්සේ පවසති .

මෙලෙස රට අගාධයට ගියහොත් ජනතාවට දැඩි අසීරුතාවයකට මුහුණ දීමට සිදුවන බවත්, මෙවන් තත්ත්වයක් හමුවේ ඉදිරි වසර පහ තුළ රට ගොඩනැගිය හැකි නායකයෙකු ලෙස සර්ව ජන බලයේ නායක දිලිත් ජයවීර සැලකිය හැකි බවත් උන්වහන්සේ පැවසූහ . වැඩි දුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මේ ලෙස පැවස්සූහ .

“මම රාජපක්ෂ නිකායේ, ඒත් වර්තමානයේ රාජපක්ෂ නිකායත් යම් තැනකට තල්ලු වී යනවා. ඒ නිසා අනාගතයේදී රට බාරගත හැකි නායකයෙක් අප බලාපොරොත්තු වෙනවා නම් ඒ දිලිත් ජයවීර මහතායි. මේ ආණ්ඩුවට මේ විදියට වැඩිකාලයක් මේ රට කරන්න බැහැ. බොරු කියලා කියලා ආණ්ඩු ගත්තේ, අද මොකද වෙලා තියෙන්නේ. මහ බැංකුවටත් කෙළලා, ගලඅඟුරු වලටත් ශොට් එක දීලා එක එකා නහර කපාගෙන මැරෙන තැනට පත්වෙලා අපිටත් නහරවල් කපාගෙන තමයි මැරෙන්න වෙන්නේ මෙහෙම ගියොත්.”