පාස්කු ප්‍රහාරය පිටුපස යුධහමුදා බුද්ධි අංශ සිටි බවට චෝදනාවක්

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායමක ක්‍රියාවක් ලෙස පමණක් හුවා දක්වා, එහි සත්‍ය යටපත් කිරීමට පිරිසක් උත්සාහ දරන බව සිරිල් ගාමිණී පියතුමෝ චෝදනා කරති .

එමෙන්ම මෙම විනාශකාරී කුමන්ත්‍රණය මෙහෙයවූ සැබෑ පාර්ශ්වයන් සහරාන්ගේ කණ්ඩායමටත් වඩා බොහෝ ඉහළ මට්ටමක අය බව උන්වහන්සේ අවධාරණය කරති .
විශේෂයෙන්ම, එම ප්‍රහාරය දියත් කිරීම සඳහා යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ සහභාගීත්වයක් පැවති බවට පැහැදිලි සාක්ෂි පවතින බවද උන්වහන්සේ සඳහන් කරති .

විවිධ වාර්තා හෝ ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරමින් මෙම මහා අපරාධයේ මහ මොළකරුවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කළද, සැබෑ වගකිවයුත්තන් අනාවරණය වනතාක් එවැනි හෙළිදරව් කිරීම් පිළිගත නොහැකි බව උන්වහන්සේ පවසති .