අප්‍රේල් 10 සිට 15 දක්වා කාලය ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ තුළ මාර්ග අනතුරු 42 ක් වාර්තා වී ඇති බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර සඳහන් කරයි .
යතුරුපැදි අනතුරු 16ක් ලෙසත් රථ 4ක්, වෑන් රථ 4ක්, මෝටර් රථ 2ක්, කැබ් රථ 2ක්, පාපැදි 2ක් මෙම අනතුරු වලට ඇතුළත් වන බවත්, එම අනතුරු වලින් 44 දෙනෙකු මියගොස් ඇති බවත් ඔහු වැඩි දුරටත් පවසයි .
අප්‍රේල් 13, 14 සහ 15 යන දිනවල හදිසි අනතුරු 19 ක් වාර්තා වී ඇති අතර, එම අනතුරු වලින් මියගිය සංඛ්‍යාව 19 දෙනෙක් මියගොස් ඇත . එහෙත් එම සංඛ්‍යාව 2025 වසරේ අවුරුදු දින තුන තුළ පැවති තත්ත්වයට සපේක්ෂව අඩුවීමක් නියෝජ්‍ය පොලිස් පතිවරයා පවසයි . ඉකුත් වසරේ අවුරුදු දින තුන තුළ රිය අනතුරු අනතුරු 25ක් සහ මරණ 26 ක් වාර්තා වී ඇති අතර 2026 වසරේ එම සංඛ්‍යාව 19 දක්වා පහළ බැස ඇති බව ඔහු පෙන්වා දුන්නේය .