දිස්ත්‍රික් හතරකට අදාලව නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් වෙයි .

දිවයිනේ දිස්ත්‍රික්ක හතරක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර එක යටතේ නායයාම් අනතුරු ඇඟවිම් නිකුත් කර තිබේ. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (13) පස්වරු 04.00 සිට හෙට පස්වරු 04.00 දක්වා බලපැවැත්වෙන බව ඕවුහු පවසති .

ඒ අනුව මහනුවර, නුවරඑළිය, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙසේ අදියර 1 යටතේ ‘විමසිලිමත්ව සිටින’ ලෙස නිවේදනය කර ඇත. එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ පහත දැක්වෙයි .

මහනුවර දිස්ත්‍රික්කය – යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කෑගල්ල දිස්ත්‍රික්කය – වරකාපොළ, කෑගල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
නුවරඑළිය දිස්ත්‍රික්කය – නුවරඑළිය සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
රත්නපුරය දිස්ත්‍රික්කය – ඉඹුල්පේ, කුරුවිට, ඕපනායක, පැල්මඩුල්ල සහ රත්නපුරය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස