නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් නඩත්තු කටයුත්තක් සඳහා අක්‍රිය කර ඇති බව එම බලාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය .
එහෙත් අවශ්‍යතාව මත දෙවැනි සහ තුන්වැනි ජනන යන්ත්‍රවලින් විදුලිය ජනනය කරන බව ඔහු වැඩි දුරටත් පැවසීය .
නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනක් ඇති අතර ඉන් එක යන්ත්‍රයකින් මෙගා වොට් 300 ක විදුලි ධාරිතාවක් ජනනය කරන අතර බලාගාරය මගින් ජාතික පද්ධතියට ලබා දෙන දායකත්වය මෙගා වොට් 900 කි .