පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සහ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් වර්තමාන රජයේ ප්‍රබලයින් සහ දේශපාලන අධිකාරිය සමඟ සමීප සබඳතා පවත්වන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති .
උන්වහන්සේ මේ බව පැවසූවේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි . එම සාකච්චාවේදී උන්වහන්සේ ඡායාරූප සහ සාක්ෂි සහිතව මෙම කරුණු අනාවරණය කළහ .
සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වැනි නායකයින් සමඟ සමීපව කටයුතු කරන ආකාරය උන්වහන්සේ පෙන්වාදුන්හ .
“මේ ඉන්නේ සහරාන්, මේ ඉන්නේ අනුර, මේ ඉන්නේ සුනිල් හඳුන්නෙත්තිලා එක්ක ඉන්න අය” යනුවෙන් පවසමින් උන්වහන්සේ ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත එහිදී ප්‍රදර්ශනය කළහ .
විශේෂයෙන්ම 2007 වසරේදී “මිලිටරි මූව්මන්ට්” යන සංවිධානයට සම්බන්ධ බවට වාර්තා වූ ෆල් උල්හක් වැනි පුද්ගලයින් අද වන විට රජයේ ප්‍රබලයින් සමඟ සිටින බවත්, ඔවුන් පසුගිය මැතිවරණවලදී ජනාධිපති සහ අගමැති ඡායාරූප යටතේ ඡන්දය ඉල්ලූ බවත් උන්වහන්සේ පවසති .
එමෙන්ම බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, බුද්ධි අංශ ගිණුම් හරහා බොදු බල සේනාවට මුදල් ලබා දුන් බවට කරන ප්‍රකාශය අසත්‍ය බවය.
“දැන් තමුන් වහන්සේලාගේ ආණ්ඩුවනේ තියෙන්නේ, පුළුවන් නම් ඔය කියන එකවුන්ට් අංක හෙළි කරන්න. සල්ලි දුන්නේ ඩොලර්වලින්ද, රුපියල්වලින්ද කියලා රටට පෙන්නන්න” යනුවෙන් උන්වහන්සේ අභියෝග කළහ .