ට්‍රම්ප්ගෙන් 50% ක අළුත් බද්දක්

ඉරානයට අවි සපයන ඕනෑම රටකට 50%ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (8) සිය ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත .

ඉරානයට ආයුධ සපයන ඕනෑම රටක් ‘වහාම බද්දට යටත් වන බවත්, කිසිදු බැහැර කිරීමක් හෝ නිදහස් කිරීමක්’ නොමැති ඔහු සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි . ඉරානය සමග සති දෙකක සටන් විරාමයකට එකඟවූ සැනින් ඇමරිකානු ජනාධිපතිවරයා මෙ බව පවසා සිටීම සුවිශේෂී බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි .