හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලගේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධ පොත එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වීම පිළිබඳව සමගි ජන බලවේග ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වාදෙන්නේ, තම පක්ෂ නායකයා මෙම අවස්ථාවට සහභාගි වීම ගැන තමා දැඩි කම්පනයට පත්වූ බවයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් සෘජුවම පීඩාවට පත් වූ ප්‍රජාව නියෝජනය කරන මහජන නියෝජිතයෙක් ලෙස සිය ආධාරකරුවන් සහ මහජනතාව මෙම ක්‍රියාව පිළි නොගන්නා බවද ඔහු පවසනවා.