පුවත්පත් කලාවේදී භක්ති මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි .

රිය අනතුරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුවත්පත් කලාවේදි භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අද (3) පස්වරුවේ අභවප්‍රප්ත විය.

ගාල්ල රිච්මන්ඩි විදුහලේ ආදී සිසුවෙකු වූ ඔහු දෙදහස වසරේදි දිනපතා ලක්බිම පුවත්පතේ සමාරම්භක කර්තෘ මාණ්ඩලිකයකු ලෙස පුවත්පත් කලාවට එක්විය . පසුව ඔහු දිනමිණ හා රිවිර පුවත්පත් වලද හිරු නාලිකාවේද සේවය කළේය.

මිය යන විට හතලිස් හත්වැනි වියේ පසු වු ඔහු ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී සුගතපාල මෙන්ඩිස්ගේ පුතාය. ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයෙන අංශයේ ජ්‍යෙෂ්ඨ කථ්කාචාර්ය හිමේෂා ධර්මසේනගේ සැමියා වු ඔහු මාලඹේ හොරයිසන් විදුහලේ ඉගෙනුම ලබන දීමත් තේජක මෙන්ඩිස්ගේ පියාය.

දේහය සෙනසුරාදා( 4)මැදියම් රැයේ සිට ගාල්ල,බූස්ස,මහගෙදර වත්තේ පිහිටි නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු සඳුදා පස්වවරු 5 ට දඩල්ල පොදු සුසාන භුමියේදි සිදු කෙරේ.