ඉන්ධන සඳහා පනවා ඇති බද්ද තුන් මාසයකට අඩු කරයි .

ගෘහස්ත වියදම් අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව මාස තුනක කාලයක් සඳහා ඉන්ධන සඳහා පනවා ඇති බදු 50% අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එළැඹෙන ජූලි මාසය දක්වා ඔස්ට්‍රේලියාව ඉන්ධන මත පනවා ඇති බදු අඩකින් අඩු කරනා බව එරට රජය නිවේදනය කර ඇත .

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ජනතාව ඉන්ධන ලබා ගන්නා විට මුදල් ඉතිරි කර ගැනීම සඳහා මාස තුනක කාලයක් සඳහා ඉන්ධන බදු අඩකින් අඩු කිරීමට පියවර ගන්නා බවය.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් දේශීය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් එය ඔස්ට්‍රේලියානුවන්ට පීඩනයක් ගෙන දෙන බැවින් මෙම තීරණය ගැනීමට කටයුතු කළ බවද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දැනට ඔස්ට්‍රේලියාවේ ඉන්ධන ලීටරයකට ඔස්ට්‍රේලියානු ශත 52.6ක බද්දක් පැනවෙන අතර නව තීරණයත් සමග එය ඔස්ට්‍රේලියානු ශත 26.3ක් දක්වා අඩුවනු ඇති අතර මෙම තීරණය අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බවද ඔස්ට්‍රේලියානු අගමැතිවරයා සඳහන් කර ඇත.