ඕමානයේදී ඇල්ලු මිදිගම චූටි ශ්‍රී ලංකාවට ගෙන එයි .

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සැලකෙන රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට අද ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇතිබව වාර්තා වේ.

ඔහු මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනිඅවි සන්තකයෙහි තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයකම චෝදනාවට ලක් වී සිටි ඔහු අධිකරණය මගහැර විදේශයක සැඟව සිටි අයෙකි . පසුගියදා ඕමානයේදී අත් අඩංගුවට ගත ඔහු විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් අද (30) අලුයම දිවයිනට වෙත රැගෙන විත් ඇත .

මිදිගම චූටි අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ අතර, ඔහු ඕමානයේ සුපිරි හෝටලයක රැදී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.