අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම අධීක්ෂණය කිරීම සඳහා පත් කරන ලද කමිටුවට ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් නිලධාරීන් පස් දෙනෙකු පත් කිරීමට තීරණය කර ඇත. සියළු අමාත්‍යංශ ආවරණයවන පරිදි ඉන්ධන ආශ්රිත ගැටළු පරීක්ෂා කිරීම සහ සුදුසු පරිදි මැදිහත්වීම ඔවුනගේ කර්ය වෙයි .
මෙම නිලධාරීන් එක් එක් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල පැන නගින ඉන්ධන ආශ්රිත ගැටළු පරීක්ෂා කර CPC සමඟ සම්බන්ධීකරණය කිරීමෙන් විසඳුම් ලබා දීමට මැදිහත් වනු ඇත.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම අධීක්ෂණය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ රැස්වීමකදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.
කර්මාන්තකරුවන් විසින් රට පුරා තම නිෂ්පාදන බෙදා හැරීම සඳහා වාහන සඳහා වෙන් කර ඇති වත්මන් ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව දක්වමින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව එහිදී අනවරණය විය .
මෙම ගැටළු විසඳා නොගතහොත්, වෙලඳපොළේ භාණ්ඩ හිඟය උත්සන්න වී උත්සව සමයේදී මහජනතාවට සැලකිය යුතු දුෂ්කරතා ඇති විය හැකිබව එහිදී සාකච්චාවට ලක්විය .