බස් ගාස්තු 15% කින් ඉහළ දමන්නැයි පෞද්ගලික බස් හිමියෝ කියති .

මේ අතර, බස් ගාස්තු සංශෝධනහ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනුයේ අවම වශයෙන් 15%ක බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බවයි . ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමුණු අතර එය 31%ක වැඩිවීමක් බව එම සංගමය පෙන්වා දෙයි .

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනුයේ බස් ගාස්තු සංශෝධනයට අදල ගණනය කිරීම් මේවන විට සිදුවෙමින් පවතින බවත්, ඒ අනුව අද (22) දිනයේ ගාස්තු සංශෝධනය සිදුකිරීමට කටයුතු කරන බවයි.