සිනෝපෙක් මිල සංශෝදනයෙන් ඛණිජ තෙල් සස්ංථාවට ලොකු පාඩුවක් .

සිනොපෙක් එනර්ජි ලංකා (Sinopec Energy Lanka) පුද්ගලික සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර ඇත. නව මිල සංශෝධනය සමග ඛණිජ තෙල් සංස්ථාව විසින් අනුමත කරන ලද සිල්ලර මිල ගණන් යටතේ ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා ඔටෝ ඩීසල් අලවි කරනා අතර අතර, ඔක්ටේන් 95 සහ ලංකා සුපර් ඩීසල් මිල ගණන් පවතින ජාත්‍යන්තර වෙළඳපොළ මිල අනුව රජයේ අනුමැතියට යටත්ව සංශෝධනය කර තිබේ.

සංශෝධිත නව මිල ගණන් පහත පරිදි වේ

මෙම නව මිල ගණන් නැවත දැනුම් දෙන තුරු බලාත්මක වන අතර, රජයේ නියාමන අවශ්‍යතා සහ අනුමැතිය මත ඉදිරියේදී මිල වෙනස් විය හැකි බව සිනොපෙක් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

සාමාන්‍ය පෙට්‍රල් සහ ඩීසල් සඳහා සමාගම් දෙකම එකම මිලක් නියම කර ඇති අතර, සුපිරි ඉන්ධන (Premium products) සඳහා සිනොපෙක් සමාගම සිපෙට්කෝ ආයතනයට වඩා වැඩි මිලක් නියම කර තිබීම විශේෂත්වයකි.

මෙම මිල සංශෝධනයට අනුව විශේෂයෙන්ම සුපිරි ඉන්ධන කාණ්ඩයන්ගේ පවතින විශාල මිල වෙනස හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) දැඩි මූල්‍ය පීඩනයකට ලක්වීමේ අවදානමක් පවතී. ඊට හේතුව විශාල පාරිභෝගිකයන් පිරිසක් සිනෝපෙක් පිරවුම්හල් මග හැර සංස්ථා පිරවුම් හල් වෙතට පැමිණීම නිසා සංස්ථාව ලබනා පාසුව ඉහළ යාමට ඉඩ ඇත.

සිනොපෙක් සමාගම ජාත්‍යන්තර වෙළඳපොළ මිල අනුව සිය මිල ගණන් රුපියල් 122කින් සහ 219කින් (සුපිරි ඉන්ධන සඳහා) ඉහළ නංවා ඇති අතර , සිපෙට්කෝ ආයතනය එම ඉන්ධන සඳහා ඉහළ නංවා ඇත්තේ රුපියල් 90ක් වැනි අඩු අගයකි.

මෙලෙස සිපෙට්කෝ මිල පාලනය කරමින් අඩු මට්ටමක පවත්වා ගැනීම නිසා පාරිභෝගිකයන් වැඩි වශයෙන් සංස්ථාව වෙත යොමු වන අතර, පවතින පිරිවැය සහ විකුණුම් මිල අතර පරතරය හේතුවෙන් සංස්ථාවේ මූල්‍ය අලාභය තවදුරටත් වර්ධනය වීමේ ඉඩකඩ පවතී.