හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය ඉදිරි පැය 48 ඇතුළත සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් නොකළහොත් ඉරානයේ සියළුම බලාගාර වෙත ප්‍රහාර එල්ල කර ඒවා විනාශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි .
සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ජාලය හරහා පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් කියා සිටියේ, ඉරානය විසින් මෙම මුහුදු මාර්ගය කොන්දේසි විරහිතව විවෘත කළ යුතු බවයි. නිශ්චිත කාලසීමාව තුළ එය ඉටු නොවන්නේ නම්, ඉරානයේ විශාලතම බලාගාරයේ සිට ආරම්භ කරමින් එරට විවිධ බලශක්ති මධ්‍යස්ථාන අතුගා දැමීමට අමෙරිකාව පියවර ගන්නා බවයි.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තර්ජනයට ප්‍රතිචාර දක්වමින් ඉරාන හමුදාව ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාව විසින් සිය ඉන්ධන හෝ බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළහොත්, කළාපයේ පිහිටි අමෙරිකාවට අයත් සියලුම බලශක්ති මධ්‍යස්ථාන වෙත පහර දෙන බවයි .
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තැබීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර කොටස් වෙළඳපොළවල් ද දැඩි කඩාවැටීමකට ලක්ව තිබේ.
ලෝකයේ තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කරනා හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝක ආර්ථිකයට තීරණාත්මක ලෙස බලපෑම් කළ හැකි සාධකයකි . ගල්ෆ් කළාපයේ රටවාල් ගනනාවකට අයිතිය ඇති මෙම සමුද්‍ර සන්ධීයේ ඉරානයාට අයිති වසා වසාදැමීමට එරට කටයුතු කිරීම නිසා ලෝක ආර්ථිකයට බලවත් පහරක් එල්ල වී ඇත .