ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නතාන්ස් (Natanz) වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය ඇමරිකානු-බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක් වන දියාගෝ ගාර්සියා වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ .
ඉන්දීය සාගරයේ පිහිටි දියාගෝ ගාසියා දිවයින ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය සතු උපායමාර්ගික වැදගත් කම අතින් ඉහළම තැනක් ගන්න කඳවුරකි . එය ඉන්දීය සාගරයේ පිහිටි ප්‍රමුකතම ඇමරිකානු කඳවුර වෙයි .
ඉරානය විසින් දියාගෝ ගාර්සියා කඳවුර වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරය යුද්ධයේ ගමන් මග වෙනස් කරන බව විචාරකයෝ පවසති. මීට පෙර ඉරානය සතු මිසයිලවල පරාසය කිලෝමීටර් 2,000ක් ලෙස සැලකුණද, කිලෝමීටර් 4,000ක් දුරින් පිහිටි දියාගෝ ගාර්සියා වෙත මිසයිල එල්ල කිරීම හරහා ඔවුන් සතු මිසයිල බලය ලෝකයට ප්‍රදර්ශනය කර ඇත. මෙය බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය යුද්ධයට මැදිහත් වීම පිළිබඳ සිය තීරණ නැවත සලකා බැලීමට හේතු වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.
පවතින යුද තත්ත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති අතර, එය ලෝක බලශක්ති අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතී