QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී අද (19) සිට වාහන අංක තහඩුවේ අවසන් අංකය මත සිදුකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත .
ඒ අනුව වාහන අංක තහඩුවේ අවසන් අංකය බින්දුව හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ දිනයක ඉන්ධන ලබාගත හැකි අතර අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔත්තේ දිනයක ඉන්ධන ලබාගත හැකි බවයි.
ඒ අනුව, අද (19) ඔත්තේ දිනයක් වන අතර වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ සංඛ්යාවළ් වන 1, 3, 5, 7, 9 යන ඉලක්කම් ඇති වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවති.
හෙට (20) ඉරට්ටේ සංඛ්‍යාවක් වන බැවින්, අංක තහඬුවේ අවසාන අංකය 0,2,4,6,8,10 වන වාහන සඳහා හෙට ඉන්ධන ලබාගත හැක .