අනුරාධපුරය සහ මිහින්තලය යන ප්‍රදේශවල පිහිටි ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ වැටළීමකදී මහාපරිමාණයෙන් මාර්ගගත වංචා ජාලයක් හසුකර ගැනීමට හැකිව ඇතිබව වාර්තහ වෙයි .
එම වංචනික ක්‍රියාවන් සිදුකිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයන් 126 දෙනෙකු, මියන්මාර ජාතිකයන් සිව්දෙනකු සහ තායිවාන ජාතිකයන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
යුදහමුදා බුද්ධි අංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව මෙම වැටළීම සිදුකර තිබිණි.