නිවාඩු සහ වෙනත් කටයුතු සඳහා ඊශ්‍රායලයෙන් පිටත් වී සිටින ශ්‍රමිකයින්ගේ වීසා කාලය 2026 අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
එම තීරණය අනුව, 2026 පෙබරවාරි 28 සිට අප්‍රේල් 21 අතර කල් ඉකුත් වූ හෝ කල් ඉකුත් වීමට නියමිත නැවත ඇතුළුවීමේ වීසා ස්වයංක්‍රීයව අප්‍රේල් 30 දක්වා දීර්ඝ කෙරෙන අතර, ඒ සඳහා වෙනම අයදුම් කිරීමක් අවශ්‍ය නොවන බවද සඳහන් වේ.
යාවත්කාලීන වීසා වලංගුභාවය ඊශ්‍රායලයේ ජනගහන හා ආගමන අධිකාරියේ පරිඝණක පද්ධතිය තුළ දිස්වන අතර, එම කාලසීමාව තුළ දේශසීමා හරහා නැවත ඇතුළුවීමට අවසර ලැබෙනු ඇති බව සඳහන්ය.