රට තුළ පවතින ඉන්ධන සංචිත කළමණාකරනය කරගනු වස් සතියේ සෑම බදාදා දිනයක්ම නිවාඩු දිනයක් ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත්කර ඇත . ඒ අනුව අධිකරණ සේවා, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු රජයේ කාර්යාල සඳහා බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත .
කෙසේ වෙතත් සෞඛ්‍ය, වරාය, ජල සම්පාදන, බලශක්ති සහ රේගුව යන රාජ්‍ය ආයතන මෙම විශේෂ නිවාඩුවට යටත් නොවන බව එම නිවේදනයේ සඳහන් වෙයි .
පෞද්ගලික අංශයෙන් ද නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ඉල්ලා සිටියි . එමෙන්ම සියලුම රාජ්‍ය උත්සව ද නැවත දැනුම් දෙන තුරු අත්හිටවා ඇත .