මහියංගනය ප්‍රදේශයෙ ස්කූටරයක ගමන් කරනා පුද්ගලයන් දෙදෙනෙක් තවත් ස්කූටරයක් එහි රැගෙන යන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි . පවතින ඉන්ධන හිඟය සහ කෑන් සඳහා ඉන්ධන ලබා නොදීම හේතුවෙන් මෙලෙස පසු පැදිකරු සිය දෙපා මත ස්කූටරය තබාගෙන ඉන්ධන සොයා යනු එම දර්ශණයේ සඳහන් වෙයි .
මෙම වීඩියෝවට අදාල ප්‍රතිචාර දක්වන්නන් පවසනුයේ වාහන වලට පමණක් ඉන්ධන සැපයීම හේතුවෙන් මෙවනි තත්ත්වයක් අතිවිය හැකි බවයි .
මෙම සිදුවීම අන්තර්ජාලයේ අවධානය දිනාගෙන ඇති අතර, බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙම වීඩියෝව බෙදාගෙන ඇත්තේ පවතින ඉන්ධන සැපයුම් ගැටළු මධ්‍යයේ මෝටර් රථ හිමියන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ උදාහරණයක් ලෙස ය.