සෙලාන් බැංකුවේ අන්තර්ජාල බැංකු සේවා නවතී

සෙලාන් බැංකුවේ අන්තර්ජාල බැංකු සේවා මේ වන විට සම්පූර්ණයෙන්ම නතරවීමෙන් එහි ගණුදෙනු කරුවෝ බලවත් අපහසුතාවයකට ලක්ව සිටිති .

මේ වන විටත් සෙලාන් බැංකුවේ තනි පුද්ගල ගිණුම් මෙන්ම ව්‍යාපාර ගිණුම්වලටද අන්තර්ජාලය ඔස්සේ පිවිසීමට නොහැකිව ඇතිබව වාර්තා වේ.

අන්තර්ජාල බැංකු සේවා ඇණහිටීම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවද සෙලාන් බැංකුවේ පාරිභෝගික සේවා අංශය සදහන් කරයි.