ගෘහ සේවකයන් ගැන පොලිසියෙන් නිවේදනයක් .

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන ගෘහස්ථ සොරකම් සම්බන්ධ පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ගෘහ සේවක සේවිකාවන් සේවයට බඳවා ගැනීමේදී වඩාත් අවධානයෙන් පසුවන ලෙස පොලිසිය නිවෙස් හිමියන්ට උපදේශන මාලවක් නිකුත් කර ඇත .

පොලිස් මාධ්‍ය කොට්ඨාසයට අනුව, මෑත කාලීනව ලැබී ඇති පැමිණිලිවලින් අනාවරණය වී ඇත්තේ ඇතැම් ගෘහ සේවකයන් තමන් සේවය කරන නිවෙස්වල ඇති රන් ආභරණ, මුදල්, විදේශ මුදල් සහ අනෙකුත් වටිනා දේපළ සොරා ගැනීම ඉහළ යමින් පවතින බවයි .

ඒ අනුව ගෘහ සේවකයන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ පසුබිම පරීක්ෂා කිරීම සිදු කිරීම, ජාතික හැඳුනුම්පතේ පැහැදිලි ඡායාරූප පිටපතක් ලබාගෙන එහි මුල් පිටපක පරීක්ෂා කර සත්‍ය පිටපතක් බවට තහවුරු කර ගැනීම සිදුකරනා මෙන් පොලිසිය දන්වා සිටී .

එම සේවකයන් සේවයට යොමු කරනා පුද්ගලයන්ගේ ස්ථිර හා තාවකාලික පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් ඔවුන් සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් ලබා ගැනීම සිදුකරනා ලෙසත්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ හදිසි අවස්ථාවකදී ඇමතිය යුතු දුරකථන අංක කල්වේලා ඇතිව ලබා ගන්නා ලෙසත් පොලිසිය දන්වා සිටි .

නිවසේ රන් ආභරණ, මුදල් සහ වටිනා ලියකියවිලි ආරක්ෂිත ස්ථානයක තැබීමට සැලකිලිමත් වන ලෙසත්, හැකි සෑම විටම ගෘහ සේවකයන් නිවසේ තනිවම නොතබා යන ලෙසත් පොලිසිය පවසයි .

ඉහත ලේඛනවල පිටපත් නිවෙස් හිමිකරු පදිංචි පොලිස් වසමේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත ලබා දී ඒ පිළිබඳව දැනුවත් කිරීම සිදු කල යුතු කාර්යක් වන අතර ගෘහයේ හිමිකරුවන් විසින්ද එම ලේඛණවල විස්තර වාර්තාවක් තබා ගැනීම වැදගත් වන බව පොලිසිය පවසයි .