යුද්ධය නිසා සංචාරකයන් පැමිණීම අඩුවෙයි

2026 වසරේ මුල් මාස දෙකට සාපේක්ෂව මාර්තු මාසයේ සංචරකයන්ගේ පැමිණීමේ අඩුවක් දැකගත හැකි බව වාර්තා වේ .

ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට සංචරකයන් 277,327 ක් සහ පෙබරවාරි මාසයේදී 279,328 ක් පැමිණි බව ක්ෂේස්ත්‍රයේ මූලාශ්‍ර පවසයි . කෙසේ වෙතත්, මාර්තු 1 සිට මාර්තු 4 දක්වා කාලය තුළ ශ්‍රි ලංකාවට සංචාරකයින් 23,116 ක් පමණක් පැමිණ ඇති මුත්, 2025 දී එම දින හතරේ කාලය තුළ සංචාරකයන්ට 30,824 ක් පැමිණි බවත් එම මූලාශ්‍ර පවසයි . ඒ අනුව එය 25% පමණ පහත වැටීමක් සනිටුහන් කරයි.

මැදපෙරදිග යුධ තත්ත්වය නිසා ගුවන් ගමන් අවලංගු වීම සහ ලො පුරා යුධ සූදානමක් පැවතීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවි ඇති බවත් සංචාරක ක්ෂේස්ත්‍රයේ ආරංචි මාර්ග පවසයි . කෙසේ වෙතත් යුධ තත්ත්වය නිසා ගල්ෆ් කළාප‍යෙන් ඈත් වන සංචාරකයන් දිනාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ඇති බැවින් මෙම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බව වාර්තා වේ.