ලයිට් කපන්නෙ නෑ .. බලශක්ති අමාත්‍යංශය කියයි

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ආශ්‍රිතව ගල් අඟුරු සැපයීමේදී මතුව අති ගැටළු සහ වෙනත් හේතු කිහිපයක් නිසා එලබෙන අප්‍රේල් ජූලි මාසයේදී විදුලිබල කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි පළවන ප්‍රචාර සාවද්‍ය බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කරනුයේ නොරොච්චෝල බලාගාරයට ඉදිරි කාලය සඳහා ඇනවුම් කළ ගල් අඟුරු නැව් 36න් 22ක් මේ වන විට ගොඩ බා ඇති බවත් බලාගාරයේ කටයුතු ද සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවත්ය.