කාර්ය මණ්ඩළ සාමාජිකයන් 204 ක් සමග ඉරාන නැව කොළඹ වරායට.

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබූ ‘IRIS Bushehr’ නැමැති ඉරාන නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (5) පවසා සිටියේ, එම නෞකාවේ සිටිනා පිරිස කොළඹ වරායට ගෙන ඒමෙන් අනතුරුව සෞඛ්‍ය පරීක්ෂණයකට ලක්කිරීමෙන් අනතුරුව වැලිසර නාවික කඳවුරේ රඳවා තබන බවය . එමෙන්ම ‘IRIS Bushehr’ නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බවය.