කරාපිටියට මළසිරුරු 80 ක්

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේදී අමෙරිකානු සබ්මරීන් ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 84 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවත්, සොයාගත් මළ සිරුරු මේවනවිට කරාපිටිය රෝහලට ගෙන එමින් තිබෙනා බව වාර්තාවේ .

ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නෞකාව ශ්‍රී ලංකාවට නි‍රිත දිගින් වූ ගැඹුරු මුහුදේදී තම සබ්මැරීනයක් එල්ල කළ ටොපිඩෝ ප්‍රහාරයකින් ගිලීගිය බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ඊයේ පස්වරුවේ නිළ වශයෙන් ප්‍රකාශයට පත්කරනා ලදි .

විනාශ වූ නෞකාව 180 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමඟ ඉන්දියාවේ විශාකා පට්නම්හි පැවති ජාත්‍යන්තර නාවික හමුදා යාත්‍රා පෙළ ඇගයීමේ යුද අභ්‍යාස මෙහෙයුම සඳහා සහභාගී වී සිට නැවතත් ඉරානය බලා යමින් සිටි එකක් බව වාර්ත වේ .