වසර 14කට වැඩි කාලයක් මෙරට ක්‍රියාත්මක වූ මව්බිම හා Ceylon Today පුවත්පත් හදිසියේම වසාදැමීමට තීරණය කර තිබේ.
මින් ඉදිරියට ඔවුන් ඩිජිටල් අවකාශයේ පමණක් ප්රවෘත්ති සම්පාදනය කරමින් ක්‍රියාත්මක වන බව අද (04) වෙළෙඳපොළට නිකුත් වූ මව්බිම හා Ceylon Today පුවත්පත්වල මුල් පිටුවේ සඳහන් කර තිබිණි. දිනපතා පුවත්පත වසා දමුවද ඉරිදා මව්බිම පුවත්පත තව දුරටත් මුද්‍රිත පුවත්පතක් ලෙස ප්‍රකාශයට පත්කරනා බව එම පුවතේ සඳහන් වෙයි .
මව්බිම සහ Ceylon Today පුවත්පත් හිටපු අමාත්‍ය ටිරාන් අලස් සතු සමාගමක් මගින් මුද්‍රණය කරනා ලදි .