සුරේෂ් සලේ අත් අඩංගුවට ගැනිමට ආණ්ඩුව බලාපොරොත්තුව සිටියේ එලබෙන අප්‍රේල් මාසයේ බවත්, ගල් අඟුරු වංචාව පිළිබඳ ජනතා අවධානය වෙනතකට යොමුකිරීම ඔහු මේ මොහොතේ අත් අඩංගුවට ගැනීමේ අරමුණ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල පවසයි .
ඔහු මේ බව පැවසූවේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත් අඩංගුවට ගැනීම පිළිබඳව මාධ්‍යට කරුණු දක්වමිනි .
කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේදී දැවැන්ත මෙහෙයක් කළ මේජර් ජනරාල් සලේගෙන් පළිගැනීමේ දැඩි උවමනාවක් කොටි හිතවාදීන්ට සහ ඩයස් පෝරාවට ඇතිබවත්, ඔවුන් 2023 දී චැනල් 4 නාළිකාව මාගින් වාර්තා වැඩසටහනක් විකාශය කර ඊටා උත්සහගත් බවත්, වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ එම සිදුවීම යොදාගෙන බවත් ඔහු එහිදී පැවසීය .
මාධ්‍යවේදීන් හනුවේ කරෞණු දක්වමින් ඔහු වැඩි දුරටත් මේලෙස පැවසීය.
”පාස්කු ප්‍රහාරයේ මහමොළ කරු කවුදැයි කීමට ආණ්ඩුවට ලොකු පීඩනයක් තියනවා. අප්‍රේල් මාසය වන විට පාස්කු ප්‍රහාරයට වසර 7 ක් සපිරෙනවා. ඒ හෙතුවෙන් මහමොළකරු නැවත කරළියට එනවා. ආන්ඩුවට ඕනෑ කවුරුහරි මහමොළකරු කරලා බේරෙන්න.
පිල්ලෙයාන් සහ මේජර් ජෙනරාල් සලේ දෙදෙනා පාස්කු ප්‍රහාරය සම්බන්ධව අත් අඩංගුවට ගන්න ආණ්ඩුවට ඕනැ උනේ මහ මැතිවරණයට පෙර. ඒත් රනිල් වික්‍රමසිංහ පත්කළ ඒ.එම් ඉමාම් කමිටු වාර්තාව මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඒ දෙන්නාට එල්වූ චෝදනා බොරු උනා. ජනාධිපති තුමා ඒ වාර්තාව සඟවාගෙන ඉන්නකොට මම ඒක ප්‍රසිද්ද කළා. ඒක නිසා එවර සලේ අත් අඩංගුවට ගන්න බැරිවුනා .
ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ පිල්ලෙයාන් අත් අඩංගුවට ගත්තා . මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ සලේ අත් අඩංගුවට ගන්න හිටියේ ඒත් ගල් අඟුරු වංචාව නිසා ඔහු කළින් අත්ඩංගුවට ගත්තා . ජනාධිපති මඩකලපුවට ගිහින් කීවා පිල්ලෙයාන් අත් අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය නිසා කියලා . මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී කීවා පිල්ලෙයන් පාස්කු ප්‍රහාරයේ රහස් වමාරනවා කියලා . එත් මම බන්ධනාගාරයට ගිහින් පිල්ලෙයාන් හමුවුනා. ඔහු කියනවා පස්කු ප්‍රහාරය ගැන එක ප්‍රශ්ණයක් අහුවේ නෑ කියලා.
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සෙවීම ආණ්ඩුවේ වගකීමක් . ඒත් මහමොළකරු කියලා කවුරු හරු අහිංසකයෙක් වරදකරු කරන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ .”