මාස දෙකට වරායේ මරණ තුනක් .

බ්‍රහස්පතින්දා කොළඹ වරායේ සිදු වූ තවත් අනතුරකින් මරණයක් සිදුව ඇති බව වාර්තා වේ. යතුරුපැදියක් දොඹකරයක ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් වරාය අධීක්ෂකවරයකු මියගොස් තවත් අයකු තුවාල ලැබූ බව වෘත්තීය සමිති ආරංචි මාර්ග තහවුරු කරයි .

ඒ අනුව මේ වසරේ වරායේ සිදු වූ අනතුරු හේතුවෙන් සිදුවූ සේවක මරණ සංඛ්‍යාව තුන දක්වා ඉහළ ගොස් ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි .

ලන්ඩනයේ පිහිටි අන්තර්ජාතික ප්‍රවාහන සේවක සම්මේලනය (ITWF) සහ එහි දේශීය අනුබද්ධිත නාවිකයින්ගේ ජාතික සංගමය, වරායේ සිදුවන මරණ, බරපතල තුවාල හා වෙනත් අනතුරු පිළිබඳ දැඩි කනස්සල්ල පළකර තිබේ.