සම්බුද්ධ ශාසනය සහ මහා සංඝරත්නය ඉලක්ක කරගනිමින් ඇතැම් මැති ඇමැතිවරුන් සිදුකරන අශීලාචාර සහ අශිෂ්ට ප්‍රකාශ වහාම නතර කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විශේෂයෙන්ම මෑතකදී ලාල්කාන්ත අමාත්‍යවරයා විසින් සංඝරත්නය සහ ආගමික නායකයන් සම්බන්ධයෙන් සිදුකළ ප්රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය .
මහා සංඝරත්නය වනචාරීන් ලෙස හැඳින්වීම සහ ආගමික නායකයන්ට බෲස් ලී පහරවල් එල්ල කළ යුතු බවට දේශපාලන වේදිකාවල කියැවෙන ප්‍රකාශ දැඩි විවේචනයට ලක් කළ සජිත් ප්‍රේමදාස එවැනි කතා ඉතාම පහත් ඒවා බව අවධාරණය කරයි .
බෲස්ලීගේ ක්‍රියාකාරකම් පෙන්විය යුත්තේ කරාටේ තරගාවලිවල මිසක් මෙරට මහා සංඝරත්නයට හෝ පූජක පක්ෂයට එරෙහිව නොවන බවත් ආගමික නායකයන්ට නිග්‍රහ කරන මෙවැනි අශිෂ්ට ප්‍රකාශ පිළිබඳව රජය වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පවසනවා.
ශ්‍රී ලංකාව නිරාගමික රටක් නොවන බව අවධාරණය කළ සජිත් ප්‍රේමදාස , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම රජයක වගකීමක් බව සඳහන් කළා.