සුපිරිවටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් එංගලන්තය හමුවේ ලකුණු 51ක පරාජයක් ලැබීය.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ එංගලන්තය ලකුණු 147 ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 16.4කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 95ක් පමණි.

මෙය ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති අවසන් 20 – 20 තරග 12 ම ශ්‍රී ලංකාව පරාජය වී ඇත . දෙරට අතර 20 -20 තරග 7 ක් පවත්වා අති අතර ඉන් එකක් පමණක් ශ්‍රී ලංකාව ජය ලබා ඇත .